hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 06, පෙ.ව. 10:30



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත හා අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියවීමට අදාළව කල් තබන ලද විවාදය අද (06) පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පාර්ලිමේන්තු කාරක සභාවත් පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටිය යුතු බවත් රට බංකොලොත් වීමට මෙම හැම ආණ්ඩුවක්ම වගකිව යුතු බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළා.

රට බංකොලොත් උනේ කොහොමද කියලා හොයන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිගන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බවද  ඒ නිසා බංකොලොත් වීම ගැන හොයන තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළා.

මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්නැ කියා ස්ථාවර නියෝග වල තිබෙන්නෙත් ඒ නිසා බවද කිරිඇල්ල මහතා කියා සිටියා.