hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:58



පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට (21-22) පැවැත්වෙනවා.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂයේ සමගි ජන බලවේගය විසිනි.

මෙය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළා.

විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වීමට නියමිත අතර විවාදය දැක බලා ගැනීම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි.

මෙම විවාදය පැවැත්වෙන කාලයේදී පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දැඩි කිරීමට ද නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: