2024 ජූලි 01, පෙ.ව. 10:02
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන හෙට දිනයේ පාර්ලිමේන්තුව තුල සංවිධානාත්මක විරෝධයක් පැවැත්වීමට සමගි ජන බලවේගය සූදානම් වී සිටින බව එහි ප්‍රකාශකයෙකු හෙලි කලා.
එම විවාදය හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.
පසුගිය සිකුරාදා පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කලා.
එසේම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව තිබෙනවා.
මේ අතර අනිද්දා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා ද මෙම විවාදය පැවැත්වීමට නියමිත අතර එදින මෙම යෝජනාව සදහා චන්දයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මේ අතර යෝජනාවට පක්ෂව සජබ පිරිසක් චන්දය දීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36