hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 10, පෙ.ව. 12:02



එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ස්ථිර වශයෙන්ම රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වන බව එක්සත් ජනරජ පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරනවා.

මෙම සැප්තැම්බර් මාසය වන විට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක‍්‍රියාත්මක වීම හරහා මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වන බව ද හෙතෙම පෙන්වා දෙනවා.

අන්තර්ජාල නාලිකාව සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබෙනවා.

තමන් ජනාධිපති ධුරයට පත් වෙනවාට ඇතැමුන් බියට පත් බිය වී ඇතැයිද හෙතෙම එහිදී තවදුරටත් සඳහන් කළා.

තමන් ජනාධිපතිවරයා වීමට නුසුදුසු හේතු මෙතෙක් කිසිවකු ඉදිරිපත් කර නැති බවද හෙතෙම කියා සිටියා.

දූෂිත රාජ්‍ය නිලධාරීන් දූෂිත ජාවාරම්කරුවන් දූෂිත පවුල් පාලකයන්ද තමන්ගේ තමන් එම ධුරයට පත් වෙනවාට බියට පත්වී ඇතැයි ද ඔහු කියා සිටියා.