2023 මාර්තු 27, පෙ.ව. 9:34
“අපිට එක තැනක් වැරදුනා, මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම” යැයි ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
“ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. දේශපාලනය නොකරපු කෙනෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා” යැයි ඇමතිවරිය සඳහන් කළාය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන පොලිම් ටික නැතිවෙලා විදුලිය කපන්නේ නෑ බඩු මිල අඩු වෙනවා අද රට යම් ස්ථාවර භාවයකට පැමිණ තිබෙනවා.” යැයි පොදුජන පෙරමුණු බණ්ඩාරගම කාර්යාලය විවෘත කිරීමට අවස්ථාවට එක් වෙමින් ඇය මේ බව පැවැසුවාය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36