hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 04, ප.ව. 1:03



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සදහා කටයුතු කලයුතු බවට වන යෝජනාව පුත්තලම් දිස්ත්‍රික් බල මණ්ඩලයේ දී අද(4) ඒකමතිකව සම්මත විය.

දිස්ත්‍රික් බල මණ්ඩලය නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම් දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතාගේ මාදම්පේ පිහිටි නිවසේදී අද පෙරවරු 9.30 ට පැවැත්විණි.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් ප්‍රියංකර, අලි සබ්‍රි එක්ව සිටි අතර අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා විදේශ ගතව සිටින බැවින් මේ සදහා සහභාගී නොවීය.

ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට සහයෝගය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනා අතරින් සිව් දෙනෙකු මෙම බල මණ්ඩලය නියෝජනය කිරීමද විශේෂත්වයක්.

ඊට අමතරව වයඹ පලාත් සභාව නියෝජනය කල හිටපු පලාත් අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ ඇතුළු පිරිසක්ද පලාත් පාලන ආයතන නියෝජිතයින් විශාල පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.