hit counter

2025 මැයි මස 20 වන අඟහරුවාදා

2025 මැයි 20, ප.ව. 6:18



පසුගිය 76 වසරක ශාපය සමයේ 15%ක් වූ විද්‍යුත් වාහන බද්ද වර්තමාන ආණ්ඩුව 30%ක් දක්වා ඉහළ නංවා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

වසර 15-20ක් භාවිත කිරීම සඳහා ගෙන එන විද්‍යුත් වාහන මගින් රටට විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව ඒ පිළිබඳ නොසිතා ඊට බදු පනවා එම බදුවලින් රාජ්‍ය සේවක පඩි ගෙවීම ආදී කටයුතුවලට සූදානම් වන බව ද ප්‍රසාද් සිරිවර්ධන පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව කළ යුත්තේ විද්‍යුත් රථ වාහනවල සහ සෝලා පද්ධතිවල බදු අඩු කරමින් රටේ බලශක්ති වියදම අවම කර ජනතාවට සහන සැලසීම බව ද ඔහු අවධාරණය කරයි.

අද (20) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රසාද් සිරිවර්ධන මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: