2023 ජූනි 16, පෙ.ව. 3:58
ජයවර්ධනපුර රෝහල එහි ඇතුළත් වන රෝගින්ගෙන් විශාල ලෙස බිල්පත් මගින් මුදල් අය කරන බැවින් එහි ගාස්තු ක්‍රමය වහා සංශෝධනය කරන්නැයි ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගාමිණී ලොකුගේ, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර ඇතුළු මැති ඇමැතින් මෙලෙස පැමිණිලි කර තිබෙන බවයි වාර්තාවන්නේ.
ජයවර්ධනපුර රෝහල රෝගීන්ගෙන් සෙසු පෞද්ගලික රෝහල්වලින් මෙන් විශාල ලෙස මුදල් අය කරන බවයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ.
එයට පිළිතුරු දුන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර ඇත්තේ ජ’පුර රෝහල අර්ධ රාජ්‍ය හා අර්ධ පෞද්ගලික රෝහලක් ලෙස පවත්වාගෙන යන බවයි.
කෙසේ වෙතත් එම රෝහල අධික මිල ගණන් අය කරන්නේද යන්න වහා විමර්ශනය කරන බවද අමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තීබෙනවා.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39