hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 ජනවාරි 11, ප.ව. 2:50



“කුහකයන් කන්නෙ බොන්නෙ නැති උණාට අපි කනවා බොනවා” යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ආවේගශීලි ප්‍රකාශයක් සිදු කළා.

රාජ්‍ය ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ, පෙරේදා රාත්‍රියේ කොළඹ වරාය පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් 50ක් පමණ සහභාගී වූ සාදය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා අද කැඳවා තිබූ ජනමාධ්‍ය හමුවකට එක්වෙමින්.

රාජ්‍ය ඇමතිවරයා එහිදී අවධාරණය කරන ලද්දේ, තමා ඇතුළු කණ්ඩායම එහිදී සහභාගී වූයේ වරායේ නිරීක්ෂණ චාරිකාවකට බවයි.

රන්ජිත් මද්දුමබණ්ඩාර සහ විජිත හේරත් යන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මේ සඳහා ආරාධනා කළ බවද හෙතෙම පැවැසුවා.