hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 01, පෙ.ව. 4:28



දේශපාලන කුහකයින්ගේ කකුලෙන් ඇදීම, කඩාකප්පල් කාරී වැඩ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධනය හැමදාම පිටුපසට ගිය බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවා.

ඒ පසුගියදා නිවිතිගල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අවංකවම රටට ආදරේ කරන දේශපාලඥයින් දැන් රටට අවශ්‍ය බවයි.

සෑම පක්ෂයකම හොරු සහ අවංක පුද්ගලයින් සිටිනා බවත් ඔවුන්ව තෝරා බේරා වටිනා ඡන්දය භාවිතා කරන ලෙසද පවසන ලදි.

පරිනත අමාත්‍යවරුන් දොඩම්ගොඩ බදා ගත් අයුරින් සියල්ල බදා නොගෙන තරුණ අමාත්‍යවරුන් හට වගකීම් පැවරිය යුතු බවත් ඒ ක්‍රමය දැන් වෙනස් විය යුතු බව අවධාරණය කළා.

ගනු ලැබූ යම් යම් තීන්දු වල ප්‍රථිපල නිසි කල නොලැබීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිධූරය හැර යාමට සිදු උවත් එය රැක ගැනීම උදෙසා කිසි කළෙක ජනාවට වංධ හිසා නොකල බවත් සම්පූර්ණ ප්‍රජාත්‍රන්තවාදීව කටයුතු කල බව පැවසුවා.

එසේම ආර්ථිකමය අතින් ගත් කළ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉතිහාසයේ වැඩිම දල දේශිය නිෂ්පාදිතය වාර්තා කල බවත් ( 2010, 2011 – 8.6% – 8.7%) වර්ෂ වලදී යම් යම් ස්භාවික උපද්‍රව ගැටලු නිසා සමහර අවස්ථා වලදී දල දේශිය නිෂ්පාදිතය අඩාල වූ බවයි.

මහින්ද රාජපක්ෂ යුගයේ රට සීග්‍ර සංවර්ධනයක් සිදුවූ බවත්, ඉන් පසු පැමිණි යහ පාලන නඩය විසින් රට නැවත ප්‍රපාතයකට ඇද දැමූ බවත්ය.

එසේම දුර්වල වූ ආරථිකයක් සහිත රටක් නැවත භාර ගනිමින් රට ස්ථාවර කිරීමට යාමේදී කොරෝනා වසංගතය පැමිණි සියලුම කටයුතු අඩාල වූ බවත්, එසේම මෙය ශ්‍රි ලංකාවට පමණක් නොව මුලු ලෝකයේම ආර්ථිකය කඩා වැටීමට හේතු වූ බව පවසන ලදි.