hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 7:14



මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අගමැති දිනේෂ් ගුණවර්ධන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

උත්සවයට සහභාගී වූ මේ වන විට විවිධ විරසකයන් යටතේ සිටින හිටපු ජනාධිපතිවරුන් කුළුපඟව කතා බහක නිරතවන අයුරුද දක්නට ලැබීම විශේෂත්වයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: