hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 25, ප.ව. 6:12



රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පළාත් සභා හා පළාත් පාලන වැඩබලන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ, එම ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ සංචාරයක නිරත වීම හේතුවෙන්.

අදාළ පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති බවයි.

පස් දින නිල සංචාරයක් සඳහා දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (24) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

අද (25) එරට බීජිං නුවරට ළඟා වූ ඔහුව චීන විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගත් බව සඳහන්.