2023 මැයි 30, පෙ.ව. 11:59
රුපියලේ වටිනාකම වැඩි වීමට සාපේක්ෂව හා ඩොලරයේ වටිනාකම අඩුවීමට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළකට ආණ්ඩුව වහාම යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර මහතා පවසනවා.
පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජගත් කුමාර මන්ත්‍රිවරයා මෙම අදහස් පැවැසූ අතර එහිදී මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළා.
“මම විශ්වාස කරනවා අපි කරන කැපවීම මේ 225ම කරනවා නම් වඩාත් ශක්තිමත් වෙනවා. ආණ්ඩුවක් විධියට මේ තත්ත්වය අපි වහාම අවබෝධ කරගන්න ඕනේ. මොකද මේ ආර්ථික අර්බුදයෙන් එක් පැත්තකින් විශාල පිරිසක් මන්දපෝෂණයට ලක් වෙලා. අනෙක් පැත්තෙන් ඒ අයගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය පහසුකම් ටික නැතුව ඉගෙනගන්න බැරි තැනට පත් වෙලා. එතකොට තවත් අවුරුදු 5කින් 10කින් විනාශ වෙලා යන්නේ මේ රටේ අනාගතයයි. ජාතියේ අභිමානයයි. ඒ නිසා එයට වැඩපිළිවෙළක් වහාම යෙදිය යුතුයි. භාණ්ඩ මිලත් එක්ක විශේෂයෙන් අධ්‍යාපන පාසල් උපකරණ මිල වහාම අඩු කරන්න අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු මුදල් ඇමැතිතුමා ඇතුළු රජයේ වගකිවයුත්තෝ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල. ඒ කියන්නේ පාන් හරි, බනිස් හරි, මාළු පාන් හරි මේ සමහර සුළු ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, හැම එකකම මිල ඉහළ ගියපු ප්‍රමාණයට අඩුවෙන්නෙ නෑ. ඉතින් ඒ නිසා ආණ්ඩුවේ වගකීම වෙන්නේ යම් මැදිහත් වෙලා කටයුතු කරන්න.
මම ගරු අගමැතිතුමාටත්, අග්‍රාමාත්‍ය ලේකම්තුමාටත් කිව්වා භාණ්ඩ 20ක මිල හඳුනාගෙන භාණ්ඩ 20ක මිලවත් අඩුම ගාණේ අඩු කළහොත් තමයි රටේ ජනතාවට සහනයක් ලැබෙන්නේ. එහෙම නැතිනම් රටේ ජනතාවට ආණ්ඩුව මොන තීන්දු ගත්තත් මොන මට්ටමින් සංවර්ධනය කළත් වැඩක් නෑ. රටේ ජනතාවට ආදායම අඩු වෙලා. වියදම වැඩි වෙච්ච එක අඩු කරන්න එක්කෝ ආදායම වැඩි කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. නැත්නම් ඉහළ ගිය භාණ්ඩ මිල අඩු කරන්න ඕන. රුපියලේ වටිනාකම වැඩි වීමට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අඩුවීමට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ වැඩපිළිවෙළකට ආණ්ඩුව වහාම යා යුතුයි. මේ සියලු දේ සම්බන්ධව අපි ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළත් යම් හඬක් නඟන්න කටයුතු කරනවා.
මේ දිනවල විශේෂයෙන්ම කතාබහට ලක්වන අස්වැසුම් සුබසාධන ප්රතිලාභ සම්බන්ධව ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. සුබසාධන ප්රතිලාභ සමෘද්ධි බැංකුවෙන් තොරව වෙනත් වාණිජ බැංකුවක් හරහා ලබා දෙන්න කටයුතු කරමින් සිටිනවා. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලුවා මේක නවත්වලා සමෘද්ධි බැංකුවට ලබා දෙන්න. මොකද සමෘද්ධි බැංකුවට අද වන විට ලක්ෂ 40ක විතර සාමාජිකයෝ සංඛ්‍යාවක් ගොනු වෙලා තියෙනවා. පවුල් විධියට ගත්තහම පවුල් ලක්ෂ 25කට වඩා සමෘද්ධි බැංකුවත් සමඟ ගනුදෙනු කරනවා. අඩු ආදායම්ලාභීන් නැවත මොන සමීක්ෂණය කළත් ඒකෙන් 2/3ක්ම සමෘද්ධි බැංකුව එක්ව සම්බන්ධ වෙච්ච අය. එහෙම නම් ඒ අයට මේ මේ ව්‍යාපාරය එක්ක එකතු වෙලා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ස්වයං රැකියා කටයුතු කරන්න. ඒ සඳහා සවිබල ගැන්වීම් සඳහා සමෘද්ධි බැංකුවෙන් රු. 25,000 ඉඳන් රු. ලක්ෂ 20 දක්වා විවිධ ණය යෝජනා ක්රමයන් ලබාදීලා විශාල වැඩ කොටසක් කළා. අනික සමෘද්ධි බැංකු කියන්නේ අඩු ආදායම්ලාභීන් බලා ගන්න තියෙන විශේෂ බැංකුවක්.
මේ තත්ත්වය පාලනය කර නොගත්තොත් බිලියන 215-218 විතර තිබෙන සමෘද්ධි බැංකු පද්ධතිය ඉදිරියේදී පවත්වාගෙන යෑමට යම් බාධාවක් ඇති වෙනවා. අනිත් පැත්තෙන් සැකයක් එනවා මෙච්චර විශාල මුදලක් එකතු කරපු සමෘද්ධි ව්‍යාපාරය වෙනත් විධියකින් අඩාල කරන්න උත්සාහයක් දරනවද නැති නම් මේ මුදල් ටික මහ බැංකුව යටතට අරගෙන වෙනත් ගේමක් ගහන්න හදනවාද කියලා. ආණ්ඩුවේ හිටියට මටත් ඒ සැකය තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ වැසිකිළියෙන් අවසන් වන වැඩක් නෙවෙයි. ඔවුන්ගේ ජීවිතයේ අවසානය දක්වා විවිධ ක්‍රමවේද යටතේ ඔවුන් වෙනුවෙන් සැලසුමක්, වැඩපිළිවෙළක් හදලා තියෙනවා. එහෙම තියෙන ව්‍යාපාරය රට පුරා බැංකු 1086ක් එක්ක බිලියන 215ක් එක්ක මෙම ව්‍යාපාරය අඩාල කරන්න උත්සාහ කරනවා නම් ඒක මහා පාපකර්මයක් කියන කාරණාව මතක් කරනවා. මේ සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වෙලා කටයුතු කළ යුතුයි කියන එක බලධාරීන්ට විශේෂයෙන් මතක් කරනවා.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39