hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 08, ප.ව. 3:46



මෙරට දෙමළ ජනතාවගේ පැවැත්ම රැඳී ඇත්තේ ජනවාර්ගික අර්බුදය වෙනුවෙන් ලැබෙන විසදුම මත බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පැවැසුවා.

ඔහු පෙන්වා දෙන්නේ ජනවාර්ගික අර්බුදයට විසදුමක් නොලැබුණහොත් දෙමළ නිජබිම ක්‍රමක්‍රමයෙන් ආක්‍රමණයට ලක්වනු ඇති බවයි.

සම්පන්දන් මහතාගේ 90 වැනි ජන්ම දිනය පසුගියදාට 05දාට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් මාධ්‍යවේදියකු ඔහුට සුබපතමින් ජනතාව වෙත ලබාදීමට ඇති පණිවුඩය කුමක්දැයි විමසූ විට ඒ මහතා මේ බව පවසා තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්පන්දන් මහතා,

“ජනවාර්ගික අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් අප ඉල්ලා සිටිය මූලික ඉල්ලීම් ආණ්ඩුව ඉටු කළ යුතුයි. ඊට සුදුසු වන පරිදි සකස් කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ යුතුව තිබෙනවා. එය සම්මත කර ගැනීමට අවස්ථාවක් නැතුවාමත් නොවෙයි. අප සියලුම දෙනා එකමුතුව එය සම්මත කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ජනවාර්ගික ගැටලුවට විසදුමක් නොලැබුණහොත් අපගේ නිජබිම, දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත් වූ ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් අපට අහිමි වී යනු ඇති. අපට එය කිසිසේත් අනුමත කළ නොහැකියි. ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලැබුණහොත් අපගේ ප්‍රදේශ අපටම පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ජනවාර්ගික අර්බුදයට විසදුමක් ලබා ගැනීම යනු දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් පමණක්ම නොවන අතර අපගේ පැවැත්ම රඳා පවතින්නේත් ඒ මතයි. එබැවින් ජනවාර්ගික අර්බුදයට කඩනමින් විසදුමක් ලබාගත යුතුව තිබෙනවා.”