2023 පෙබරවාරි 23, පෙ.ව. 11:02
            
සජබ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ව සිට ඉන් ඉල්ලා අස්වී කොළඹ මහ නගර සභාවට තරග කරන මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්නොවන්න ලෙස තමා පණිවිඩයක් යැවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
ඒ අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනාවේ තමා බව කී ජනාධිපතිවරයා එතුමා බිල්ලට දෙන්න යන බව තමා දැන සිටියේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කළා.
මුජුබුර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ තබාගන්නට තමා උත්සාහ කළ බව කී ජනාධිපතිවරයා ඒ ගැන තවත් කතා කරන්නේ නැතැයිද පැවසුවා.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද අදහස් දක්වා සිටියා.
“ මම තමයි මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාව ගෙනාවේ. ඉතින් ඒ නිසා මම පණිවිඩයක් යවලා කිව්වා එතුමාට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න එපා කියලා. දැන් සමහරු කියනවා මම ඡන්දය කල් දාලා කියලා. මම අහනවා කල්දාන්න කොහෙද ඡන්දයක් තියෙන්නේ කියලා.”
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18