hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 23, ප.ව. 1:37



ජනතා විමුක්ති පෙරමුණ වැලැක්වීම සඳහා ඡන්දය නවත්වන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේදීයි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“මේ මන්ත්‍රීවරු මට කිව්වා ඡන්දය කල්දාන්න කියලා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ ඡන්දය උවමනා නැහැ. මේ අය මොකක්ද කිව්වේ. මට එව්ව පණිවිඩය තමයි ‘ඔබතුමන්ලා මේක පුළුවන්නම් කල්දාන්න. අපි ටිකක් කෑගහලා ඊට පස්සේ වාඩිවෙනවා කියලා’ කියලා. ඉතින් දැන් මොනවටද නැගිටිලා කියන්නේ. ඔබතුමන්ලා මට කිව්වේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ නවත්තන්න ඡන්දය නවත්තන්න කියලා. කිව්වේ නැද්ද කියන්න. ඔබතුමාලා මට කිව්වා.”