2023 මාර්තු 30, ප.ව. 12:22
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ඊයේ (29) පැවසුවා.
මෙම මන්ත්‍රී කණ්ඩායම විවිධ මාර්ගවලින් ජනාධිපතිවරයාට එකඟතාව ලබා දී තිබෙන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.
මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග එක්වන බවට තමාට ද පෞද්ගලිකව දැනුම්දුන් බව ද විජේමාන්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ අනුව, ඉතා කෙටි කලක් ඇතුළතදී මෙම මන්ත්‍රී පිරිස ආණ්ඩුවට එක්වනු ඇති බව ද හෙතෙම කියා සිටියා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ගාල්ලේ සංචාරක හෝටල්වලට ගොස් උද්ඝෝෂණ කරමින් හා විදේශිකයන් බියවද්දමින් සංචාරක ව්‍යාපාරය බිඳ දැමීමේ උත්සහයක යෙදෙන බව ද ලක්ෂ්මන් විජේමාන්න චෝදනා කර සිටියා.
ජවිපෙ නායකයන් මීට පෙර මිරිස්ස හා යාල ප්‍රදේශවල ද උද්ඝෝෂණය කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට උත්සහ දැරූ බව ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
නැව්වලින් හා ගුවන් යානාවලින් සංචාරකයන් මෙරටට පැමිණීම බලා සිටිය නොහැකිව ජවිපෙ නායකයන් කුහක අයුරින් මෙවැනි දේ සිදු කරන බවද හෙතෙම කියා සිටියා.
අද වනවිට මෙරටට පැමිණ සිටින පොහොසත් විදේශිකයන්ගෙන් සංචාරක හෝටල් පිරී ඉතිරී ගොස් තිබෙන බවද ඔහු පැවැසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36