2023 ජූනි 16, පෙ.ව. 3:16
තමන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ළඟ වාඩි වීමට බිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
මාධ්‍යවේදීන් පැමිණ සිය විරුද්ධත්වය පළ කරයි යන සැකය තමන් වෙත තිබු බවද ජනපතිවරයා කියා සිටියා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ඊයේ(15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමින්.
එහිදී ජනාධිපතිවරයා මෙසේ ද සඳහන් කළා,
“මේ අපේ අලුත් වැඩසටහනේ කොටසක්. ඒ තමයි රටේ ඩිජිටල්කරණය සීග්‍රයෙන් ඉදිරියට යන්න. ඊළඟ අවුරුදු කිහිපය තුළදී ඩිජිටල්කරණය හැම අංශයටම බලපාන විදියට ගෙනියන්න. ටිරාන් අලස් ඇමතිතුමාට ඒ අමාත්‍යංශයට මම ප්‍රශංසා කරන්න කැමතියි. ටිරාන් අලස් ඇමතිතුමා වාගේම මේක හෝමාගම නිසා අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් ඉන්නවා. මම ටිකක් බය වුණා. එතුමා ළඟ වාඩි වෙන්න. මොකද මං හිතුවේ මාධ්‍යවේදීන් ඇවිල්ලා මෙතන විශාල ලෙස මේ මෙතනට ඇවිල්ලා විරුද්ධත්වය ප්‍රකාශ කරයි කියලා එතුමා මාධ්‍ය නැති කරන්න යනවා. උතුරු කොරියාව වගේ රජයක් ඇති කරන්න යනවා කියලා.
සාපරාධ අපරාධය තිබුණා අපේ දණ්ඩනීති සංග්‍රහයේ. මම ඒක ඉවත් කළා. මම හිතන්නේ නැහැ මේ වෙන කොහෙවත් ඒක ඉවත් කරලා තියෙනවා කියලා අපේ කලාපයේවත්, ආසියාවේවත්. ඉතින් ඒක ඉවත් කරා නම් එහෙම අපි විශේෂයෙන්ම මේ මාධ් යයේත් ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ? කාටවත් ඒක නැති කරන්ට වුවමනා නෑ. ලෝකේ හැම රටකම වාගේ විද්‍යුත් මාධ්‍ය වල අඩුපාඩු, වැරදි සිදු වුණාම ඒකට සහන ලබලා දෙන මාර්ගයක්. මෙතන ඉන්නවා රජයේ සේවය. කී දෙනෙක්ට දොස් කියලා තියෙනවද විද්‍යුත් මාධ්‍යයෙන්? සමහරවිට කරුණු රහිතව. කීදෙනෙක් ගැන ලියනවාද? මේ කීදෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍ය එනවද? වැරදි කරුණු තියෙන අයට. දැන් අයට තියෙන සහනේ මොකක්ද? කොහොමද ඒ සහනයක් හොයාගන්නේ? සාමාන්‍ය අය නෙමෙයි මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39