hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2023 ජූනි 16, ප.ව. 12:11



විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව රුපියල් 1000ක මුදලක් ලබා දී වොයිස් කට් ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ඊයේ (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමින්.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“විද්‍යුත් මාධ්‍ය ඇවිල්ලා මගේ ගෙදර ගිනි තිබ්බා. මගේ ගෙදර ගිනි තිබ්බා විතරක් නෙමෙයි ඒකේ තිබුණා වටිනා පොත් දෙන්න තිබුණේ තුන්දාහක් විතර නැති කරා. ඒක රටට වෙන පාඩුවක්. අනික මට වෙන පාඩුවක්. දැන් එතකොට මොකක්ද අපි කරන්නේ? දැන් ඉල්ලන්නේ ගෙවල් ගිනි තියන අයිතිය ඕන කියලද ලයිසන් එක? මොකක්ද ඉල්ලන්නේ? ඒකයි. දැන් මං මේක කිව්වයින් පස්සේ දැන් පාරේ ගිහින් කාගෙන් අහයි ජනාධිපතිට කිව්වාම ගෙවල් ගිනි තියන්න බෑ.

අනේ නෑ ඉතින් ඒ මිනිහට කිව්වහම කියන්නේ රුපියල් දාහක් දුන්නම කියයි අනේ මේ ජනාධිපතිතුමා මොකක්ද කතා කරන්නේ? ඔබතුමන්ලට ගෙවල් පුච්චන අයිතිය තියෙන්න ඕන කියලා. ඒකද ඉල්ලන්නේ? ඒකට මට විසඳුමක් දෙන්න. මේ හැම ජන මාධ්‍යයෙන්ම කියන්නේ මොකක්ද එහෙම උනාම අපි කරන්න ඕනේ කියලා. එච්චරයි මං අහන්නේ. ඉතින් ඒ නිසා මං හිතුවේ මෙතුමා එන්නෙත් නෑ කියලා. කොහොමහරි එතුමා ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන උද්ඝෝෂණයකුත් වෙලා නෑ. ඒ නිසා එතුමාටත් මං විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ.”