hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 07, ප.ව. 8:20



ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා .

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමෙන් ඒක පුද්ගල අදායම ඉහළ නංවා ගත හැකි බවද පවසනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමිනුයි

දේශසීමා ඉක්මවමින් බිම්ස්ටෙක් කලාපය දියුණු සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරිමට සියලු බිම්ස්ටෙක් රටවල් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා .

“දේශසීමා ඉක්මවා යාම ” තේමාව යටතේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනය මත ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ජූලි මස 06 වනදා සිට 09 වෙනිදා දක්වා කොළඹ දී පැවැත්වෙනවා .

ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුරක්ෂිත සහ ආකර්ශණිය ගමනාන්තයක් බව ලොවට හඳුන්වාදෙමින් පැවැත්වෙන මෙම සම්මේලනයට ඉන්දියානු සංචාරක සම්මේලනයේ සාමාජිකයන් 500 දෙනෙක් පමණ එක්ව සිටින අතර, එය ආවරණය කිරීම සඳහා ඉන්දියානු මාධ්‍යවේදීන් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටීම ද විශේෂත්වයක් .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමුළුව අමතා වැඩිදුරටත් දැක්වූ අදහස් පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන අතර එම නිවේදනය පහතින් කියවිය හැකියි