hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 22, පෙ.ව. 9:47



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණු මන්ත්‍රින්ට ඇමැතිකම් ලබා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා ඉදිරියේ අඬනවා නම් එය හොඳ දෙයක් බව රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවැසුවා.

බැසිල් රාජපක්ෂ තම පක්ෂයේ ප්‍රධාන නායකයකු වුවත් බැසිල් රාජපක්ෂ මහත්තයට අඬන්නට අවශ්‍යතාවක් නොමැති බවත් ඔහුට හැඩීමට පොදුජන පෙරමුණු මන්ත්‍රින් ඉඩ නොදෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

පක්ෂයට ඡන්ද ගෙනා ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම සිටින අතර ඔවුන්ට තනතුරු ලබා ගැනීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත් ඊයේ (21) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී පැවැසුවා.