hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 1:12



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හොඳ සුසංයෝගයක් පවතින බව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසුවා.

ජාතිවාදී නම්වලින් පැවැත්වෙන පක්ෂ අන්තවාදී ලෙස කටයුතු කිරීම හා එවැනි පක්ෂ තිබේ නම් ජාතිවාදී නොවන ලෙස සංශෝධනය කර ලියාපදිංචි කරන ලෙස ඉල්ලා පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් මැතිවරණ කොමිසම වෙත ගොස් ලිපියක් භාර දුන්නා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසුවේ අද රටේ පවතින දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඉතා වැඩිවී ඇති බවත් මෙම පක්ෂ වලින් කිසිදු සේවයක් ජනතාවට සිදු නොවී ඇති බවයි.