2023 පෙබරවාරි 21, පෙ.ව. 6:56
            
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිත්‍යානුකූල බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ සිට ලැබෙන බව පෙන්වා දෙන ජී. එල්. පීරිස් මහතා, වික්‍රමසිංහ ජනාධිපතිවරයා එම බලය පාවිච්චි කළ යුතු යැයි තරයේ විශ්වාස කරන බව ද සඳහන් කළා.
මුදල් ඇමතිවරයා වන එක පුද්ගලයකුගේ අභිමතය පරිදි ඡන්දය පැවැත්වෙනවාද? නැද්ද යන සියලුම දේ තීරණය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.
ඊයේ (20) මධ්‍යම රාත්‍රීයෙන් පසු ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි වනවා.
ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා නොහැරිය යුත්තේය.” යන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බලය හිමිවනු ඇති.
මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු මාසයේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවූ අතර කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම මැතිවරණය පැවැත් වුණේ 2020 වසරේ අගෝස්තු 05 වැනි දිනයි.
ඒ අනුව හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් එම වසරේ අගෝස්තු 20 වැනි දා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය කැඳ වූ අතර ඉන් වසර දෙකකුත් මාස හයක කාලයක් ගෙවෙන අද (20) දින මධ්‍යම රාත්‍රියේ සිට ජන විරෝධය මත ඉල්ලා අස් වූ හිටපු ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ව්‍යවස්ථානුකූලව මෙම හැකියාව උදාවෙයි.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25