hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 මැයි 14, ප.ව. 3:31



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන කරුණු එම ලිපියේ ඇතුළත්.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන්, මේ මොහොතේ සියලුම දෙනා එකාවන් ව එකතු විය යුතු බවත්, ඒ සඳහා පක්ෂ භේද අමතක කර, සමගි ජන බලවේගයේ කණ්ඩායමට එක් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා එම ලිපියෙන් විපක්ෂ නායකවරයා වෙත ආරාධනාවක් සිදු කර තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් තමා ධනාත්මක පිලිතුරක් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එම ලිපිය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: