2022 දෙසැම්බර් 15, පෙ.ව. 11:46
එළැඹෙන ජනවාරි මස 31 වැනිදා වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසඳුමකට එළැඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙරේදා (13) සවස ජනාධිපති මන්දිරයේදී කැඳවා තිබුණු සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා මෙම එකඟතාවට පැමිණි බවද ඒ මහතා කියා සිටියා.
යුද්ධය හේතුවෙන් අතුරුදන්වූවන්ගේ ගැටලුව, උතුරු – නැඟෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණයට ලක්වීම නතර කිරීම, එම ඉඩම් වහාම නිදහස් කිරීම හා තවමත් බන්ධනාගාරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවද සුමන්තිරන් මහතා පෙන්වා දුන්නා.
දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලය බෙදීම ක්‍රියාත්මක කරනු ලබන ආකාරය හා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවද මේ පිළිබඳවද ලබන ජනවාරි මාසයේ රැස්වී අවසන් තීරණයකට එළැඹීමට තීරණය කෙරුණු බවද සුමන්තිරන් සඳහන් කළා.
තෙවනුව දීර්ඝ කාලීන ඉල්ලීමක් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම හා එමඟින් බලය බෙදාහැරීම ඇතුළු සියලු කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු බව පැවැසූ සුමන්තිරන් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා ජාතික ගැටලුව සම්බන්ධ ක්‍රියාවලිය අලුතෙන් ආරම්භ කළ යුතු නැති බවත් මේ වන විටත් සකස් කොට ඇති කෙටුම්පත්, වාර්තා, සාකච්ඡා, එකඟතා පදනම් කර ගනිමින් පවතින කෙටි කාලය ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් රැස්ව සිටි සියලුදෙනා එකඟ වූ බවත් හෙතෙම කියා සිටියා.
ලබන ජනවාරි මාසයේදී පැවැත්වෙන සාකච්ඡා අනුව එළැඹෙන නිදහස් දින උළෙලේදී මේ රටේ ජාතික සංහිඳියාවක් ඇති කළ හැකිද නොහැකිද යන්න පිළිබඳව තමන් රටට ප්‍රකාශ කළ යුතුව තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සුමන්තරන් පැවැසුවා.
විපක්ෂ නායකවරයාත් මෙම ගැටලු පිළිබඳව සාධනීව කරුණු දැක්වූ බවත් ඔහු කියා සිටියා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39