hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 28, පෙ.ව. 8:55



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥා දී ඇති බැවින්, එතෙක් තමන් ඉවසිල්ලෙන් බලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

දෙමළ සන්ධානය විසින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීම සඳහා එළඹෙන ජුලි මාසය අවසන් වන තෙක් කල් ලබා දෙන ලෙසත් ඉන්පසු ඒවා විසඳීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා දෙමල ජාතික සන්ධානයට ප්‍රකාශ කර තිබෙනවා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ධනාත්මක කාර්යභාරයක් සිදු වී නොමැති බවට දෙමළ ජාතික සන්ධානය පසුගියදා ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් අවස්ථාවේ ජනාධිපතිවරයා එලෙස ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළා.

තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඉන්දියාවට යාමේ අවශ්‍යතාවක් නොමැති බවද, පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති හෙයින් ඔහු  ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද සුමන්තිරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.

විවිධ දිස්ත්‍රික්කයන්හි දෙමළ ජනතාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යම් පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: