hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 13, ප.ව. 3:29



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුව වෙත පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ, විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදුන් එකඟතාවය සම්බන්ධයෙන්.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ රට නැවත ගොඩනැගීම සඳහා දෙවැනි ණය වාරිකය අනුමත කළ බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බවයි.

එමෙන්ම දේශපාලන බලයට පවතින තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කර තිබෙනවා.

ඇතැම් දුෂ්කර තීරණ ජනතාව අපහසුවෙන් වුවත් විඳ දරා ගත් අතර ලොව බොහෝ රටවල් බංකොලොත් බවට පත්වීමට ගත වූ කාලයට වඩා අඩු කාලයකින් අපට ඒ බංකොලොත්භාවයෙන් මිදෙන්නට හැකියාව ලැබුණු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.