hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 01, ප.ව. 6:22



රට ගැන හිතන සැබෑ විපක්ෂයක් තිබේ නම් දේශීය ණය ප්‍රශස්තීකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් හෝ ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ මොහොතේ ඇති විය යුත්තේ ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් මිස විවාදයක් නොවන බවයි.

රුවන්වැල්ල රාජසිංහ විදුහල් ක්‍රිඩාංගණයේ පැවැති පාසල් වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාවට අද (01) එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට බැංකු පද්ධතියට හෝ EPF, ETF අරමුදල්වලට මෙමගින් අහිතකර බලපෑම් ඇති නොවන බවට සහතික කර තිබිය දී පවා විපක්ෂයේ ඇතැමුන් විවිධ ගැටලු මතු කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම යෝජනාව අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ඇති බව තහවුරු කළ අමාත්‍යවරයා සඳහන් කළේ පාට කණ්ණාඩිවලින් බලන යුගය අවසන් කළ යුතු බවයි.රංජිත් සියඹලාපිටිය