hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 02, පෙ.ව. 5:35



මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණේ දැන් පරණ පිං පාට මතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“බලන්න බය නැතුව දැන් අර පිං පාට, රෝස පාට, මහින්ද මහත්තයාගේ. බලන්නකෝ. බලන්නකෝ ඔය. ඔය 2015ත් පොඩ්ඩක් මූණ කළු වෙලා තිබුණා. 2016 වෙනකොට පිං පාට ආවා. 2022දී පොඩ්ඩක් කළු වෙලා තිබුණා. දැන් ආපහු පරණ පින නායකයෙක් හැටියට ඔබයි අපේ නායකයා කියන එක අපි ගෞරවයෙන් මතක් කරනවා. මහින්ද ජනාධිපතිතුමනි, අද අපි මේ මැයි දිනය සමරන දවස ඔබතුමාට එක සහතිකයක් ලබා දෙනවා. ඊළඟට එන මැතිවරණය ඕනෑම මැතිවරණයක් උනත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ මැතිවරණයත් 04 වෙනි වතාවටත් ජයග්‍රහණය කරනවා කියන පණිවිඩය ලබා දෙමින් ඔබට ජය වේවා.”