2023 අගෝස්‍තු 03, පෙ.ව. 11:25
මහවැලි කලාපයේ පවුල් 15,000 ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම නොමැතිව සිටි පවුල් වෙත මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා කියයි.
මේ අතර මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000 කට මේ වන විටත් ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.
“ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රොෂාන් රණසිංහ මහතා මේ බව කියා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36