hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 11:13



පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඉරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: