hit counter

2025 දෙසැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 8:25



ක්‍රිකට් ආයතන ප‍්‍රධානින් විසින් මෙහෙයවන ලද පිරිසක් මගින් තමන්ගේ ගමන් බෑගයට මත්කුඩු දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මෙම අදහස් පල කළා.

තමා රග්බි සම්මේලනයේ සාකච්ඡාව සඳහා ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේ එම සැලසුම ක්‍රියාත්මක වූ බව තම මිතුරන් දෙදෙනකු තමන්ට දැනුම් දුන් බවද හෙතෙම කියා සිටියා.

ජනාධිපතිතුමන් විනාස කිරීමට කවුරුන් හෝ උත්සාහ කරමින් සිටින බව තමන්ට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ සිටින දූෂිත හොරු රැළට ජනාධිපතිට ලං වීමට ඉඩ නොදිය යුතු බවත් හෙතෙම එහිදී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: