hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 11:53



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයා අතර පවතින ගැටුම් මේ දිනවල දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තාවේ.

අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය ගැන එළිපිටම විවේචනය කිරීම ඊට හේතුව වී තිබේ.

එය කෙතරම් දුරට උත්සන්න වී ඇත්දැයි කිව හොත් මේ වනවිට පැවැත්වෙන කිසිදු ක්‍රිකට් තරඟයක් නැරඹීමට ඇමතිවරයාට සහ ඔහුගේ කාර්යමණ්ඩලයේ කිසිඳු පුද්ගලයෙකුට ආරාධනා කර නොමැති අතර තරඟ නැරඹීම සඳහා වෙනදා ලබා දෙන කිසිඳු අවසර පත්‍රයක් මෙවර ලබා නොදීමද විශේෂත්වයකි.

මේ ගැන ඇමති කාර්යමණ්ඩලයේ පිරිස් ක්‍රිකට් ආයතනයෙන් විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ඇමතිවරයා දිගින් දිගටම තරඟ නැරඹීමට නොපැමිණි නිසා අවසර පත් නිකුත් නොකරන ලෙස ක්‍රිකට් ආයතනය දන්වා ඇති බවද වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු