hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 14, පෙ.ව. 12:12



කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ පක්ෂයේ තීරණය අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස යකාට හරි උදව් කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඕනෑ තරම් ජේෂ්ඨයින් සිටිනා බවත් ජනාධිපතිවරණය හා තරඟ කිරීමට තමන් වුවද සුදුසු බවත්ය.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ කුමන හෝ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් ජයග්‍රහණය කළ හැකිද යන වගයි. ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, සන්ධානයක් හැටියට පක්ෂය උදව් කරයි නම් තමාට උවද ජයග්‍රහණය කිරීමට හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: