hit counter

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 7:24



යාපනයේ සංචාරයක නිරත වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා යාපනය, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති තේරු මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තා.

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය විශේෂ පූජාවන් සමඟින් ඊයේ ආරම්භ වුණා.

තේරු පෙරහැර නැරඹීමට ද එක්වූ සාගල රත්නායක මහතා, අනතුරුව කෝවිලේ පැවති ආගමික වතාවත් සඳහාද සහභාගී වුණා.

අනතුරුව සාගල රත්නායක මහතා උතුරු පළාතේ හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකටද එක් වුණා.

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: