hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2022 ජූලි 28, ප.ව. 12:50



පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලබාදී තිබෙනවා.

ඒ අනුව සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් සහකාර සංවිධායකවරු ලෙසද, අගමැතිවරයා අතින් අදාළ පත්වීම් ලිපි ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්තුරුද එක්ව සිටියා.