hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 16, පෙ.ව. 12:02



රටේ ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිධූරය තමාට හිමිවීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධය පළ කිරීම අමු පිස්සුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

කමිටුවේ කටයුතු ආරම්භවීමටත් පෙර තමාගේ සභාපතිත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සාධාරණ සහ යුක්ති සහගත නොවන බවත් විපක්ෂය විරෝධය පළ කළ යුත්තේ එම කමිටුවේ කටයුතු නිසියාකාරව නොවන්නේ නම් පමණක් බවත් ඔහු සඳහන් කරනවා.

කමිටුවේ කටයුතු හරියාකාරව සිදු නොවන්නේ නම් එම කමිටුවේදීම ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂයට හැකියාව ඇති බවයි ඔහු කියා සිටියේ.

එවැනි කමිටුවක තමාට තනි මතයට කටයුතු කිරීමේ හැකියාවක් නැතැයිද මන්ත්‍රීවරයා පවසනවා.

ආර්ථික බංකොලොත්භාවය පිළිබඳව සෙවීම සහ ඒ සඳහා නිර්දේශය ඉදිරිපත් කිරීම සහ නිර්දේශ වැරදි නම් ඔවුනට ඒ සඳහා ඕනෑම මොහොතක මැදිහත්විය හැකි බව මන්ත්‍රීවරයා කියා සිටිනවා.

ආර්ථික බංකොලොත්භාවය සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන හෙයින් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.