hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 මාර්තු 21, ප.ව. 1:24



පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මුදල් ප්‍රතිපාදන ලබාදිය හැකි දිනය වහාම රටට ප්‍රකාශ කරන ලෙස ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (20) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

පළාත් පාලන ඡන්ද විමසීම වහාම පවත්වන ලෙසද පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා එම ලිපිය මඟින් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන 2ම මේ වන විට ජනාධිපතිවරයාගේ පාලනයට නතු වී ඇතැයිද  එම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිවකුට එකඟ විය නොහැකි තත්ත්වයක් යැයිද පොදුජන පෙරමුණු ලේකම්වරයා කියා සිටියා.

මෙම මැතිවරණය ප්‍රමුඛතාවක් ලෙස සලකා අදාළ මුදල් ප්‍රතිපාදන සොයාගෙන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මතය යැයිද නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවා.