hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:03



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා.

පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කර සිටියා.

එහිදී මහ ලේකම්වරයා මෙසේද සඳහන් කළා,

නිදහසින් පස්සේ අපි 16 වතාවක්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා ගිය රටක්. අපි මේ වන විටත් 17 වැනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබීම මතම දියුණු වෙනවා, රටවල ප්‍රශ්න අවසන් වෙනවා කියලා හිතනවා නම් මම හිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලද පමණින් රටවල් දියුණු වෙන්නේ නෑ කියලා ලෝකයේ විශාල ලෙස උදාහරණ තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව තමයි අපි රටක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ආයතනවලින් ණය ලබාගත්තාම අපි කළේ ඒ ණය මුදල් අරගෙන රටේ ජනතාවගේ පරිභෝජනය සඳහා යෙදවීමයි. යම්කිසි රටක් ණය මුදල් ලබාගෙන එය පරිභෝජනය කරනවා නම් එය රටේ හෝ ජාතියේ දියුණුවට හේතුවෙන්නේ නෑ.

 අපි හිතන්නේ රටක් හැටියට අපේ රට විදේශ ණය ලබාගෙන ඒ ණය මුදල්වලින් රටේ ආයෝජනය ඇති කරපු කාලය හැටියට ඉතිහාසයේ සඳහන් වන්නේ 2005 සහ 2015 දශකයන් පමණයි. මොකද අනෙක් කාලයන්වල අපි වැඩි හරියක් කරලා තිබෙන්නේ ගත්ත ණය මුදල් ජනතාවගේ පරිභෝජනය සඳහා වැය කිරීම මිසක් රටේ ආයෝජනය සඳහා වැය කිරීම නොවේ.

දැන් නැවත වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා පෙලඹිලා තිබෙනවා ඇතිවෙච්ච තත්ත්වයන් යටතේ. අපි පහුගිය කාලයේ උත්සාහ කළේ තවදුරටත් ණය මුදල් ලබාගන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙනියන්න, සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා. නමුත් ඒ අවස්ථාවේදී අපි ගත්ත සමහර වැරදි තීන්දු මේ තත්ත්වයට බලපෑවා. අපි රටක් විදිහට මේ අවස්ථාවේදී දැඩිව ආර්ථික ප්‍රතිපත්තියකට ගියොත් ආයෝජනය සඳහා මේ මුදල් යොදවනවා කියලා අපි රටක් හැටියට ගොඩ එන්න පුළුවන් වේවි. නමුත් අපි මේ මුදල් පරිභෝජනය සඳහා යෙදවුවහොත් නැවතත් සිදුවෙන්නේ තව අවුරුදු 04න් 05න් පස්සේ ඝෘණ ගෙවුම් ශේෂයක් මත නැවතත් මේ සුපුරුදු අමාරුවේ වැටෙන්න.

ඒ නිසා අපි එවැනි වැඩපිළිවෙළකට අවතීර්ණ නොවී ආයෝජන අවස්ථා සඳහා අවතීර්ණ වෙන්න කාලය එළැඹිලා තිබෙනවා. නමුත් මේ වන විට එවැනි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන පක්ෂයක් හැටියට අපි දකින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරයි. වෙනත් කිසිදු පක්ෂයක් රටට එවැනි වූ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව පෙනී යන්නේ නැති කාරණයක්

Example Image