hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 31, ප.ව. 9:06



බාල ඖෂධ ගෙන්වා ඇති බවට පැතිර යන ආරංචිය සොයා බැලීම සඳහා සජබ මන්ත්‍රීවරුන් පිරිසක් අද හදිසියේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක එක්ව තිබෙනවා.

ඒ ගමනට සජබ මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන,හිටපු මන්ත්‍රී මුජුබර් රහුමාන්,හෝමාගම සජබ සංවිධායක එරන්ද වලිඅන්ගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී බාල ඖෂධ ගෙන්වා ඇති බවට පැතිර යන ආරංචිය සොයා බලන ලෙසට පිරිස ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මෙහිදි එහි සිටි ඇතැම් නිලධාරීන් ඔවුන්ට පවසා ඇත්තේ ඇතැම් ඖෂධ පරීක්ෂාවකින් තොරව කෙළින්ම රෝහල්වලට ලබා දෙන බවයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: