hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූලි 11, ප.ව. 1:40



ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත්ය.

රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මීට එරෙහිව කවුරුන් හෝ පාර්ලිමේන්තුව තුළ කුමන්ත්‍රණ සිදු කරනවානම් එය දේශද්‍රෝහී ක්‍රියාවක් බවත් රට ගොඩනැගීමේ කටයුත්තට තමන්ට සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: