2023 ජූලි 06, ප.ව. 1:02
ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකතු වෙන්නැයි කියා ජනපති විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද? හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
ජනාධිපති වෙන්නට තමාට උදව් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබූ බව කී විපක්ෂ නායකවරයා 2019 දී ගෝඨාභය රාජපක්ෂය සමග ජනාධිපති වෙන්නට තමාට උදව් කළ ආකාරය හොඳටම දන්නා බවද සඳහන් කළා.
තමාට එම උදව් අවශ්‍ය නැතැයි ද යන්නේ කොතනටද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල් වලින් නොව රටේ ලක්ෂ දෙසිය විස්සකගේ මතය ප්‍රකාශ කිරීමෙන් බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.
අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න තමාට උවමනා නැතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01