hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 9:02



ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පොදු ගමනක් යාම අරමුණ කර ගෙන අත්වැල් බැඳ ගෙන තිබෙනවා.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වූ නවරත්න මහතා ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

අසංක නවරත්න මහතා සමග ඔහුගේ ක්‍රියාකාරීන් පිරිසක්ද විපක්ෂ නායකවරයා හමුවී සහයෝගය පළ කළා.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: