2024 ජනවාරි 12, පෙ.ව. 10:39
විදේශීය ණය මෝරුන් ලංකාවට පැමිණ සියයට 300ක අධික පොලියට ණය දී ලාංකිකයන් ණය උගුලක සිර කරන ජාවාරමක් පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් ඔවුන් ණය ගන්නා පුද්ගලයන්ගේ සහ පවුලේ අයගේ පින්තූර සමාජ මාධ්‍යවල පළකොට විවිධ තර්ජන කරමින් පවුල් කඩාකප්පල් කරන්නට උත්සාහ කරන බව ප්‍රේමදාස මහතා සඳහන් කළා.
මෙම ජාවාරම ගැන තමා මහ බැංකු අධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු ණය උගුලට හිර වූ අය ගෙන්වා සාකච්ඡාවක් කළ බව කී විපක්ෂ නායකවරයා නමුත් නීතියේ හිඩැස් නිසා මෙම ප්‍රශ්නයට විසැඳුම් ලබා දෙන්නට නොහැකි වී ඇතැයි පැවසුවා.
බංකොලොත් රටේ මුදල් නැති මිනිසුන් සූරා කන්නට මොවුන් පැමිණ තිබෙන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ඔන්ලයින් ණය වැඩසටහන් වලින් ණය ගත් කිසිම කෙනෙක් ණය ගෙවන්න එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කර සිටියා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18