hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2024 මැයි 25, ප.ව. 4:44



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා.

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදීයි.

එහිදී හිටපු අමත්‍යවරයෙකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු තිලක් මහලේකම්ගේ මහතා ද මෙහිදී එක් වුණා.

මිට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: