hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 20, පෙ.ව. 11:56



සහල් මිල ගැන තොරතුරු නොදන්නා බැවින් කඩේට ගොස් හාල් මිල හරියට දැනගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මහින්ද අමරවීර මහතා මෙසේද සඳහන් කළා,

“ඔබතුමා වැඩි කාලයක් හම්බන්තොට හිටියා. හාල් විකිණෙන්නේ 220 ට කියලා  ඔබතුමා කිව්වා. මම හිතන්නේ ඔබතුමා ළඟකදී කඩේට ගිහිල්ලා නැහැ. අන්න ලුණුගම්වෙහෙර පැත්තේ 125යි කියලා මුට්ට ගහලා තියෙනවා. විපක්ෂ නායක නායකධූරයේ  කටයුතු කරපු හැමෝම කඩ පොළේ  ගියා. ගිහිල්ලා  මිල ගණන් සොයා ගන්නවා. ඔබතුමාත් යන්න. කවුරු හරි කියන දේවල් මෙතන කියන්න එපා.  බාස්මතී කීරි සම්බා ගැන හිතලා කතා කරන්න එපා. මේ රටේ බහුතර ජනතාවක් කන්නේ නාඩු සහ කැකුලු සහල්. ඒවා 200ට වඩා වැඩියෙන් විකිණෙන්නේ නැහැ.

එම්.ඕ.පී පොහොර හිඟයක් නැහැ. කවුරුහරි දෙන්නෙ නැත්නම් මං ඒ නිලධාරින්ට  විරුද්ධව කටයුතු කරනවා. පොළොන්නරුවේ යූරියාවල  පොඩි ප්‍රශ්නයක් තිබුණා. රට පුරාම යූරියා යනවා.  මඩ පොහොර ටික නොමිලේ දෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා එම්.ඕ.පී පොහොර තියෙනවා. සමහර නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පොහොර හිඟ ඇති කරනවා. එවැනි නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා.”

Example Image