hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 05, පෙ.ව. 10:37



කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

අද (05) උදෑසනම පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එයට හේතුව වූයේ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය සඳහා පැවති ඡන්දය පැවති දිනයේදී විපක්ෂයට කතා කිරීමට අවස්ථාව නොදී 7.30ට පාර්ලිමේන්තුව නිම කිරීමයි.

විපක්ෂ නායකවරයා හා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා කියා සිටියේ එදින රාත්‍රී 9.00 වන තුරු පාර්ලිමේන්තුව පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසූ බවයි.