hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 ජූලි 13, ප.ව. 4:53



සමගි ජන බලවේගය ගැන කලකිරී සිටින මන්ත්‍රීවරුන්ට කතාකර ඔවුන් සනසා යලි පක්ෂයේ කටයුතු සදහා ක්‍රියාකාරීව එක්කර ගැනීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග හෙලි කලා.

ඒ අනුව පක්ෂයේ කටයුතු වලින් ඈත් වී සිටි රාජිත සේනාරත්න සහ තලතා අතුකෝරල මන්ත්‍රිවරියට දුරකතනයෙන් කතාකර ඇති බවද වාර්තා වෙනවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ පසුගිය දේවල් අමතක කර යලි පක්ෂයේ කටයුතු සදහා එක්වන ලෙසයි.

එහෙත් ඔවුන් ඊට සෘජු පිලිතුරක් ලබා දී නොමැති බවද වාර්තා වෙනවා.