hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 2:35



“අපි රට වෙනුවෙන් ජීව්තය දෙන්න වුණත් සූදානම්. බොරු නාට්‍ය නෙවෙයි ඕගොල්ලොත් මේක නොකෙරුවොත් මිනිස්සුන්ගේ ඡන්දය අරන්, බලය අරන් මිනිස්සුන්ට කැත වැඩ කරන්න එපා අනුර සහෝදරයා ඕගොල්ලෝ. ඕගොල්ලෝ ඒක වෙනස් කරන්න.” යැයි සංගීත් විජේසූරිය මහතා පැවසුවා.

ඒ ඊයේ මිනුවන්ගොඩ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමට එක්වෙමිනි.

එම සංස්කෘතිය වෙනස් කළ විට ඔබතුමාගේ පිළිරුවක් පවා ජනතාව විසින් සකස් කරනු ඇති බවට තමා විශ්වාස කරන බව ද ඒ මහතා කියා සිටියා.

ජඩම ජඩ මිනිසුන්ව සූරන් කන ජාතිවාදය ඇති කරලා, ආගම්වාදය ඇති කරලා තුප්පහි වැඩ කරන නරියෝ රැලක් සිටින බවත් ඒ නරි රැලට අහු වෙන්න එපා යැයි තමන්ට ඇඟිල්ල දික් කොට හෝ කීමට තමන්ට හැකි බව ද වැඩිදුරටත් සඳහන් කර සිටියා.