2023 අප්‍රේල් 24, පෙ.ව. 10:12
ඉදිරියේ සිදුවන කැබිනට් සංශෝධනයෙන් පසු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිකම භාර ගැනීමේ අදහසක් තමාට නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන විෂය ජනාධිපතිවරයා තමාට ලබාදීමට නියමිත යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය සාවද්‍ය බවත් එවැනි පුවතක් පිළිබඳව තමා දැනුවත් නොමැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
අධ්‍යාපන ඇමැතිකම හෝ වෙනත් කිසිදු ඇමැති ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිශ්චිතව කිසිවක් පවසා නැතැයිද ඔහු සඳහන් කළා.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය බ්‍රහස්පතින්දා (20) අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ කුමන හෝ අයකුට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගැනීමට අවශ්‍යතාවක් තිබේ නම් භාර ගැනීමට හැකි බවත්, තමාගෙන් ඒ සඳහා කිසිදු බාධාවක් නොමැති බවත්ය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36